සංචිත ඉහළ ගොස් ඇති බවට මහ බැංකුවෙන් නිවේදනයක්
2023-03-08 16:09:27
Share with:

2023 වසරේ පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,217ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මෙය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 2,121 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5%ක වර්ධනයකි.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 2,065 සිට ඩොලර් මිලියන 2,183ක් දක්වා 5.7%කින් වැඩි වී ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම