“ඇය දැයේ අභිමානයයි”තේමාවෙන් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ
2023-03-08 16:11:06
Share with:

ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව කාන්තා දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. කාන්තා කටයුතු අමාත්‍යාංශය තාවකාලිකව තමා යටතට පවරා ගනු ලැබුවේ, බලගතු ලංකාවක් ගොඩනැගීම සඳහා වන ගමනේ දී මෙරට කාන්තාවන්ගේ උපරිම දායකත්වය ලබාගැනීමේ අරමුණින් බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

අද (8) ට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දින ප්‍රධාන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකාවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කර දුන් සුවිශේෂී කාන්තාවන් සිවුදෙනෙකු ඇගයීම ද සිදු කෙරිණ.

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක, ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන, ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා යන මහත්මීන් සහ දෙපා හා එක් පාදයක් අහිමිව තිබියදීත් තම එකම පාදයෙන් ලියමින් අධ්‍යාපනයේ ඉහළට ගිය රශ්මි නිමේෂා ගුණවර්ධන මෙනෙවිය මෙහිදී ඇගයීමට පාත්‍ර වූහ.

එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් සාර්ථක ව්‍යවසායිකාවන් ඇගයීම ද සිදු කෙරිණ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම