ණය ගෙවීම පැහැර හැරීම ඇමරිකානු ආර්ථිකයේ ක්ෂණික අවපාතයකට තුඩු දෙනු ඇතැයි ඇමරිකානු මූල්‍ය කව අනතුරු අඟවයි
2023-03-08 10:30:21
Share with:

ඇමරිකානු කොංග්‍රසයේ සෙනෙට් සභාව ඊයේ(7)  සවන්දීමේ සමුළුවක් පවත්වමින්, ණය ඉහළම සීමාව සහ ණය ගෙවීම පැහැර හැරීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මූල්‍ය කව නියෝජිතයෝ එහිදී අනතුරු අඟවෙමින්, පක්ෂ දෙක අතර වත්මන් ණය සීමා ගැටුම, ඇමරිකාවේ ආර්ථිකයට 'බරපතල තර්ජනයක්' එල්ල කරන බව සඳහන් කළහ. ණය ගෙවීම පැහැර හැරීමක් සිදු වුවහොත්, එය දැනටමත් බිඳෙනසුලු ආර්ථිකයක ක්ෂණික අවපාතයකට තුඩු දෙනු ඇත. ඇමරිකානුවන් මිලියන ගණනකට මෙමගින් රැකියා අහිමි වනු ඇති අතර, මෙය 2008 මූල්‍ය අර්බුදයට සමාන ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දෙනු ඇතැයි ද ඔව්හූ කියා සිටියහ.

පසුගිය ජනවාරි මාසයේ, ඇමරිකානු ෆෙඩරල් රජය ඇ.ඩොලර් ට්‍රිලියන 31.4 ව්‍යවස්ථාපිත ණය සීමාවට ළඟා වී තිබේ.  ණය ගෙවීම පැහැර හැරීම වළක්වා ගැනීම සඳහා එරට මුදල් අමාත්‍යංශය තාවකාලික වියදම් පියවර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම