නීති සම්පාදනය කිරීමේ නීතිය සංශෝධනය කිරීමේ කෙටුම්පත සාකච්ඡාවට ලක් කෙරේ
2023-03-08 10:33:53
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය පිළිබඳ කමිටුවේ පූර්ණ සැසිය නීති සම්පාදනය කිරීමේ නීතිය සංශෝධනය කිරීමේ කෙටුම්පත විමර්ශනය කරමින් සාකච්ඡාවට ලක් කරයි.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය පිළිබඳ කමිටුවේ පූර්ණ සැසිය ඊයේ(7) පැවැත්විණ. විවිධ නියෝජිත කණ්ඩායම් වල උපදෙස් වලට අනුව නීති සම්පාදනය කිරීමේ නීතිය සංශෝධනය කිරීමේ කෙටුම්පත සාමූහිකව විමර්ශනය කරමින් සාකච්ඡා කෙරිණ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව හා නීතිය පිළිබඳ කමිටුවේ සාමාජිකයන් ඒකාබද්ධව විශ්වාසය පළ කළේ නීති සම්පාදනය කිරීමේ නීතිය සංශෝධන කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ජිවගුණය, චීන ජාතික ‍මහජන කොංග්‍රසයේ කාර්යය පිළිබඳ මධ්‍යම රජයේ ජීවගුණය හා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය හා පියවර අනුගමනය කිරීමේ වැදගත් ක්‍රියාවක් බවට පත් වන බවයි. ඉන් නව යුගයේ නීති සම්පාදන කාර්යයන්හිදී පක්ෂයේ පූර්ණ නායකත්වය ශක්තිමත් කිරීමට, සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රය වර්ධනය කිරීමට, ජනතාව විසින් රට පාලනය කිරීම සහතික කිරීමට, රට නීත්‍යනුකූලව පාලනය කිරීම හා ව්‍යවස්ථාකූල පාලනය කිරීම ප්‍රවර්ධනය කිරීමට දැවැන්ත අර්ථයක් ඇති බව ඔවුහු  පැවසූහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම