එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සංවර්ධිත රටවලට සිය ඓතිහාසික වගකීම්වලින් බැහැර විය නොහැකි බව චීනය අවධාරණය කරයි
2023-03-08 10:29:26
Share with:

එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැංවීමේ මූල්‍යකරණය සඳහා වන ප්‍රධාන පාර්ශ්වය ලෙස සංවර්ධිත රටවලට එහි ඓතිහාසික වගකීම්වලින් බැහැර විය නොහැකි බව චීනය අවධාරණය කරයි.

ජගත් සංවිධානයේ චීන නියෝජිත කණ්ඩායමේ වැඩ බලන නිලධාරී Daibing මහතා, ජගත් සංවිධානයේ 77වැනි මහා මණ්ඩලයේ  පරිපාලන හා අයවැය කමිටුවේ පළමු සමුළුවේ සමාරම්භක උත්සවයේ දී මේ බව සඳහන් කළේ ය.

ජගත් සංවිධානයේ සාමාජික මුදල් ගෙවන 2වැනි විශාලතම රට හා සාමය සුරැකීමේ දායකත්ව අරමුදලේ දායක රටක් ලෙස, චීනය සාමය ගොඩනැංවීමට ඉහළ අවධානයක් යොමු කරන බව හෙතෙම පවසයි. ගැටුම්කාරී රටවල් හා ගැටුම් සමනය කිරීමෙන් පසු සාමය ගොඩනංවන රටවලට චීනය විවිධාකාරයෙන් යුතුව උපරිමයෙන් සහාය දක්වා ඇත. ජගත් සංවිධානයේ වත්මන් මූල්‍ය රෙගුලාසි හා අයවැය කළමනාකරණ රෙගුලාසි සඳහා පිළියම් ද චීනය ඉදිරිපත් කර තිබේ.

කලක සිට ජගත් සංවිධානයේ මිළදී ගැනීමේ ක්ෂේත්‍රය තුළ සංවර්ධිත රටවල් ප්‍රධාන ප්‍රතිලාභීන් වී ඇත. එම ක්ෂේත්‍රයේ විනිවිදභාවය හා ඊට අදාළ වගකීම් පරීක්ෂා ප්‍රබලතාව වැඩි කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා තවදුරටත් ප්‍රතිලාභ සැලසීමට හැකිවනු ඇතැයි  චීනය අපේක්ෂා කරන බව ද Daibing මහතා පවසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම