යුක්‍රේනයේ න්‍යෂ්ටික උපකරණයන්හි ආරක්ෂාව සහතික කිරීමට චීනයෙන් යුරෝ ලක්ෂ දෙකක්
2023-03-08 17:07:06
Share with:

 

යුක්‍රේනයේ න්‍යෂ්ටික උපකරණයන්හි ආරක්ෂාව සහතික කිරීමට චීනය යුරෝ ලක්ෂ දෙකක් පරිත්‍යාග කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ අද(8) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියෙකු නැඟූ අදාල ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. චීනය එසේ තීරණය කළේ ප්‍රායෝගිකව යුක්‍රේනයේ න්‍යෂ්ටික උපකරණයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට දායකවීම සඳහා බව ද ඇය විග්‍රහ ක‍ළාය. සාධාරණ, සහයෝගතා හා පොදු ජයග්‍රහණ දිනා ගන්නා ජාත්‍යන්තර න්‍යෂ්ටික ආරක්ෂක පද්ධතිය ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය ජගත් ප්‍රජාව සමග එක්ව අඛණ්ඩව තැත් කරනු ඇත. එමෙන්ම න්‍යෂ්ටික ආරක්ෂක අවදානම් මුළුමනින්ම තුරන් කිරීම සඳහා, අදාල ගැටුම්කාරී පාර්ශ්වයන් අතර සාම සාකච්ඡා සහ දේශපාලන මාර්ගයෙන් යුක්‍රේන අර්බුදය නිරාකරණය කිරීම පෙළඹවීමටත් චීනය ප්‍රයත්න දරනු ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම