ජගත් ප්‍රජාව හා එක්ව ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සක්‍රීය ලෙස දායක වීමට චීනය කැමැත්තෙන් සිටී
2023-03-08 18:40:49
Share with:

ජගත් ප්‍රජාව සමඟ එක්ව ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

අද(8) පැවති මාධ්‍ය හමුවේදී  ශ්‍රී ලංකා ණය ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය එසේ අදහස් දැක්වූවාය.

තමා දැන ගත් පරිදි, මාර්තු මස 6 වැනිදා ද්විපාර්ශ්වික නිල ණය හිමියන් ලෙස චීන එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකාවට මුදල් සැපයීමට අනුබල දීමේ ලේඛනයක් නිකුත් කළ බව Mao Ning මහත්මිය පැවසුවාය. අදාළ මූල්‍ය ආයතන ශ්‍රී ලංකාව සමඟ ණය පිළියෙල කිරීමේ සැලසුම පිළිබඳව සක්‍රීය ලෙස සාකච්ඡා පැවැත්වීමට චීනය අනුබල දෙයි.එමෙන්ම සාධාරණ ව වගකීම් භාර ගෙන, වාණිජ හා බහුපාර්ශ්වික ණය හිමියන් එක්ව, පොදුවේ අදාළ ණය සකස් කිරීමේ කටයුතු වලට එක්වන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාව වත්මන් අසීරුතාවන්ට මුහුණ දෙමින්, තිරසර සංවර්ධනය සාක්ෂාත් කිරීමේදී චීනය, අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව, ඒ සඳහා සක්‍රීය ලෙස දායක වීමට කැමැත්තෙන් සිටින බවද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම