දන්ත බද්ධ කිරීමේ පිරිවැය නියාමනය පිළිබඳ යෝජනාවක්
2023-03-08 14:23:49
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ වාර්ෂික සැසිවාරය බෙයිජිං හිදී පැවැත්වුණා. එහි මහජන නියෝජිතයන් සහ විවිධ පක්ෂ හා ආයතන සාමාජිකයන් රටේ සංවර්ධනය වෙනුවෙන් සාමුහිකව රැස්වී අදහස් උපදෙස් ඉදිරිපත් කළා. ඔවුන්ගේ රාජකාරි ඉටු කෙරෙන්නේ කෙසේද? දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ කතාවක් ඔබට හඳුන්වා දෙන්න කැමතියි.

දත් බද්ධ කිරීම එහෙම නැත්තම් කෘත්‍රිම දත් බද්ධ කිරීම ලෙසටත් හඳුන්වනු ලබන මෙම ක්‍රමය දැනට වෛද්‍ය විද්‍යාවේ දත් යථා තත්ත්වයට පත් කිරීමේ දියුණු සහ කාර්යක්ෂම ක්‍රමයක්. එහෙත් දත් බද්ධ කිරීමේ පිරිවැය ඉතා වැඩිවීමේ තත්ත්වය සෑම රටකම පොදුයි. 2023 දී ඇමරිකානු දන්ත වෛද්‍ය සංගමයේ නවතම සමීක්ෂණයට අනුව, එරට එක් දන්ත බද්ධ කිරීමේ පිරිවැය ඇ. ඩො. 5800ක් වැනි ඉහළ මට්ටමක පවතිනවා. 2021 වසරේ විශේෂ සිද්ධියක් මෙම ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වුණා. එම වසරේ, චීනයේ අන්හුයි පළාතේ කම්කරුවෙකු වන Li Xiaoli මහත්මියට දිනක් හදිසියේම දත් කැක්කුමක් දැනුණා. වෛද්‍යවරයා ඇයට දත් තුනක් බද්ධ කිරීමට යෝජනා කළ අතර එහි මිල ගණන් යුවාන් 70000 කට වඩා වැඩි බවත් සඳහන් කළා.

Li Xiaoli හට තවත් අනන්‍යතාවයක් තිබෙනවා, ඇය 13 වැනි ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතවරියක්. ජනතාවට සෙත සැලසෙන මෙම කාරණය පිළිබඳ විසඳුමක් හොඳින් සොයා බැලිය යුතු බව ඇයගේ අදහස වුණා. පුළුල් අධ්‍යයනයකින් පසු, Li Xiaoli 2021 මාර්තු පැවති ජාතික සැසිවාර දෙක අතරතුර, "දන්ත බද්ධ කිරීමේ පිරිවැය නියාමනය  පිළිබඳ යෝජනාවක්" ඉදිරිපත් කළා.

2022 ජනවාරි මාසයේදී, චීනයේ රාජ්‍ය මණ්ඩලය ඊට ප්‍රතිචාර දැක්වූ අතර, මිල අඩු කිරීම සඳහා සාකච්ඡා කර "තොග මිලක්" රජය විසින්  නියම කිරීමට තීරණය වුණා.

2023 ජනවාරි මාසයේදී, දත් බද්ධ කිරීමේ නිෂ්පාදනවල සාමාන්‍ය මිල යුවාන් 900 දක්වා පහත වැටුනු අතර එය 55% ක අඩු වීමක්.

දතක් තරම් කුඩා දෙයක් වුවත්, රටේ ආර්ථික හා සාමාජීය සංවර්ධනය තරම් විශාල වුවත්, ජනතා සුබසෙත පිළිබිඹු කරන සෑම යෝජනාවක්ම, ඉදිරිපත්වීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා, සියල්ලෙන් පිළිබිඹු කෙරෙන්නේ“මහජන මතයට ප්‍රතිචාර දැක්වීම වගේ ම, මිනිසු නගන හ‍ඬේ දෝංකාරයයි."

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම