පෞද්ගලික අංශයේ ආර්ථිකය නැංවීමට චීන ජනපතිගෙන් උපදෙස්
2023-03-08 15:47:31
Share with:

‘චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සෑමවිටම පෞද්ගලික ව්‍යාපාර හා ව්‍යාපාරිකයන් තම පවුලේ සාමාජිකයන් ලෙස සලකනවා. චීනයේ පෞද්ගලික ආර්ථික අංශයේ උසස් සංවර්ධනය සාක්ෂාත් කිරීම සඳහා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිපත්ති නිවැරදිව අවබෝධ කර ගැනීමට පෞද්ගලික ව්‍යවසායන්ට මග පෙන්විය යුතු අතර, එම ව්‍යවසායන් තුළ පවතින විශ්වාසය වැඩි කරමින් පීඩනයකින් තොරව සංවර්ධනය කළ යුතු යි.’ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉහත උපදෙස් ලබාදුන්නේ, මාර්තු 06 වැනිදා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ පළමු රැස්වීමේ සාකච්ඡාවකට එක්වෙමින්.

ෂී ජින්පිං මහතා පෞද්ගලික ව්‍යාපාරවල සංවර්ධනයට සෑමවිටම සහාය වනවා. ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම, නිසි දේශපාලන ව්‍යාපාර සම්බන්ධතාවක් ගොඩනැගීම, බුද්ධිමය දේපළ අයිති සුරැකීම, ව්‍යාපාරිකයන්ගේ ජීවගුණය ප්‍රචාරය කිරීම යනාදිය සම්බන්ධයෙන් ඔහු පැහැදිලි උපදෙස් ලබා දී තිබෙනවා. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයෙන් අනතුරුව, වසර 2012-2022 අතර කාලය තුළ දී චීනයේ පෞද්ගලික ව්‍යාපාර සංඛ්‍යාව එක්කෝටි අටලක්ෂ පනස් හත් දහසක සිට හාර කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ දක්වා වැඩිවුණා. කොටස් වෙළඳපොළට ප්‍රවේශ වූ පෞද්ගලික ව්‍යාපාර සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් තිබෙනවා. පෞද්ගලික ආර්ථික අංශයේ ධාරිතාව හා හැකියාව විශාල වශයෙන් ඉහළ නැංවීම, රටේ ආර්ථික හැකියාව තහවුරු කිරීමේ ‍ඓතිහාසික දියුණුවට දායක වුණා.

කෙසේවුවද වත්මන් කාලයේ චීන ආර්ථිකය, අවශ්‍යතා හැකිලීම, සැපයුම් දාම බලපෑමට ලක්වීම, ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ යාමේ පීඩනය මෙන්ම නොසන්සුන් බාහිර පරිසරය ඇතුළු අයහපත් තත්ත්වයන්ට මුහුණ පා තිබෙනවා. චීන ආර්ථික ප්‍රාතිහාර්යයේ පැවැත්ම සඳහා පෞද්ගලික ආර්ථිකය බලවත් කළ යුතුමයි. ඒ වෙනුවෙන්, අභ්‍යන්තර අවශ්‍යතා පුළුල් කිරීම, රැකියා අවස්ථා වැඩි කිරීම, ජනජීවිතය යහපත් කිරීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය, ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම හා විවෘතභාවය ව්‍යාප්ත කිරීම පිළිබඳව පෞද්ගලික ව්‍යාපාර සතු සැඟවුණු ප්‍රබල හැකියාවන් විදහා පෑමට සහයෝගය දිය යුතුයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම