ඒකාබද්ධ ජාතික උපායමාර්ගික පද්ධතිය සහ හැකියාව වැඩිදියුණු කිරීම වැදගත් පියවරක් බව චීන ජනපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි
2023-03-08 19:38:56
Share with:

රට හා හමුදාව ශක්තිමත් කිරීම සඳහා, ඒකාබද්ධ ජාතික උපායමාර්ගික පද්ධතිය සහ හැකියාව වැඩිදියුණු කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මුහුණ දෙන නව තත්ත්වය, නව මෙහෙයුම සහ නව අවශ්‍යතාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. අද (8) පස්වරුවේ ඔහු 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ මහජන විමුක්ති හමුදාවේ සහ සන්නද්ධ පොලිස් බලකායේ නියෝජිත පිරිසේ පූර්ණ රැස්වීමට එක් වෙමින් ඒ බව සඳහන් කළේය.

එම පද්ධතිය හා හැකියාව වැඩිදියුණු කිරීම, රටේ සංවර්ධනය සහ ආරක්ෂාව එක්ව ප්‍රවර්ධනය කිරීමටත්, ආර්ථික සහ ආරක්ෂක ඉදිකිරීම් ඒකාබද්ධව දියුණු කිරීමටත් උපායමාර්ගික පියවරක් බව ද හෙතෙම පැවසීය. නවීකරණ සමාජවාදී රටක් පූර්ණව ගොඩනැගීමටත්, චීන ජාතියේ පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමටත්, හමුදාවේ ශත සංවත්සර ඉලක්කය සාක්ෂාත් කර ගැනීමටත්, චීන හමුදාව ලොව විශිෂ්ටයින් බවට පත් කිරීම කඩිනම් කිරීමටත්, එම පියවර ඉතා වැදගත් වන බව ෂී ජින්පිං මහතා කියා සිටියේය.


ගුවන් විදුලිය
20230922සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම