මෙම වසරේ මුල් මාස දෙක තුළ චීනයේ සමස්ත අපනයන වටිනාකමේ ධනාත්මක වර්ධනයක්
2023-03-08 09:34:13
Share with:

මෙම වසරේ මුල් මාස දෙක තුළ චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 6.18කි. චීන රේගු මහා පරිපාලනය ඊයේ (7) නිකුත් කළ දත්තවල මේ බව දැක්විණ. ඒ අනුව, අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 3.5ක් වූ අතර එය  සියයට 0.9ක වැඩිවීමක් පෙන්නුම් කරන අතර ගත වූ කාලය තුළ එය වාර්තාගත ලෙස ඉහළ ගියේය. ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 2.68ක් වූ අතර එය සියයට 2.9කින් අඩු වී ඇත. වෙළඳ අතිරික්තය චීන යුවාන් බිලියන 810.32ක් වූ අතර එය සියයට 16.2ක වැඩිවීමකි.

චීන රේගු මහා පරිපාලනයේ සංඛ්‍යාලේඛන හා විශ්ලේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, මෙම වසරේ ආරම්භයේ සිට චීනයේ විදේශ වෙළඳාම, බාහිර ඉල්ලුම දුර්වල වීම වැනි විවිධ දුෂ්කරතා ජයගෙන, සමස්තයක් ලෙස ස්ථාවර ආරම්භයක් තුළ අපනයනය ධනාත්මක වර්ධනයක් අත්කර ගත් බවයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම