තායිවාන ප්‍රශ්නයට අත පෙවීමට කිසඳු විදෙස් රටකට අයිතියක් නොමැත
2023-03-07 14:40:26
Share with:

තායිවාන ප්‍රශ්නය නිරාකරණය කිරීම චීන ජාතිකයින්ගේ ස්වකීය කරුණක් බවත් ඊට මැදිහත්වීමට කිසිදු විදේශ රටකට අයිතියක් නොමැති බවත් චීන විදේශ ඇමති චින් ගාං මහතා පවසයි.

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් නොවන බවට ඇමරිකානු උසස් නිලධාරියෙකු මෑතකදී සිදු කළ ප්‍රකාශයට චීනය දැඩි විරෝධතා පළ කරමින් ඒ පිළිබඳව උපරිම සෝදිසියෙන් සිටින බව ද ඔහු කීය.

තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල හරයයි. චීන ඇමරිකානු ද්විපාර්ශ්වික සබඳතා සඳහා දේශපාලන සබඳතාවේ පදනමයි. එම ප්‍රශ්නය නිසි ලෙස පාලනය නොකරන්නේ නම්, චීන ඇමරිකා සම්බන්ධතාව විනාශයට ලක් විය හැකිය. ඇමරිකාව තායිවාන සමුද්‍ර සන්ධිය ප්‍රදේශයේ සාමකාමී බව අපේක්ෂා කරන්නේ නම්, චීනය හැසිරවීමට තායිවාන ප්‍රශ්නය භාවිත කිරීමට උත්සාහ නොකළ යුතුය.

එරට එකම චීනය මූලධර්මයට අනුකූලව කටයුතු කරමින් චීනයට දුන් දේශපාලන පොරොන්දු අනුගමනය කරමින්  ‘තායිවාන බෙදුම්වාදීන්’ මර්දනය කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම