චීන ජනපති උසස් මට්ටමේ පුද්ගලික ආර්ථික සංවර්ධනය දිරිමත් කරයි
2023-03-07 10:05:53
Share with:

චීනයේ උත්තරීතර නායක ජනාධිපති ෂී ජින් පිං ඊයේ (6) බෙයිජිං හි පැවැත්වෙන චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු වාර්ෂික සමුළුවට සහභාගි වන චීන ප්‍රජාතන්ත්‍රවාදී රට ගොඩනැගීමේ සම්මේලනයේ සහ සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලනයේ  සාමාජිකයින් හමුවිය. මෙම අංශ දෙකෙහි චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ ප්‍රධාන සාමාජිකයින් වන්නේ ආර්ථික විශේෂඥයින්, විද්වතුන් සහ පෞද්ගලික ව්‍යවසායකයින් ය. පුද්ගලික ආර්ථිකයේ සෞඛ්‍ය සම්පන්න සහ උසස් තත්ත්වයේ සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා විශ්වාසය ශක්තිමත් කර නිර්භීතව සංවර්ධනය කිරීමට ෂී ජින්පිං  එම හමුවෙදී ඔවුන් දිරිමත් කළේය.

චීනයේ පාලක පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස, ෂී ජින් පිං මහතා ජාතික කමිටුවේ සාමාජිකයින් හමුවී ඔවුන්ගේ අදහස් හා යෝජනාවලට සවන් දීම සඳහා සෑම වසරකම සැසිවාර දෙක අතරතුර කණ්ඩායම් සාකච්ඡාවලට සහභාගී වේ. පසුගිය වසර 10 තුළ, එවැනි සාකච්ඡා 50කට වඩා සිදු වී තිබේ.

චීනයේ ආර්ථික හා සමාජීය සංවර්ධනය, රැකියා, මූල්‍ය බදුකරණය සහ විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදන සඳහා පුද්ගලික ආර්ථිකය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. චීනයේ බදු ආදායමෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක්, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක්, තාක්ෂණික නවෝත්පාදනයෙන් සියයට 70කට වැඩි ප්‍රමාණයක් සහ නාගරික රැකියා සඳහා සියයට 80කට වැඩි ප්‍රමාණයක් පුද්ගලික ආර්ථිකය විසින්  දායක වන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

පාලක චීන කොමියුනිස්ට් පක්ෂය මුළු රටේම ජනතාව එක්සත් කරමින් චීන ජාතියේ මහා පුනර්ජීවනය පිළිබඳ චීන සිහිනය සැබෑ කිරීමේදී පෞද්ගලික ආර්ථිකය වැදගත් බලවේගයකැයි ෂී ජීන් පීං මහතා එම හමුවේදී අවධාරණය කළේ ය. රජය සතු ව්‍යවසායන් සමග එක්ව සමස්ත රටවැසියන් සඳහා පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේ සමාජ වගකීමට උරදීමට හෙතෙම පෞද්ගලික ව්‍යවසායන් දිරිමත් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම