බලහත්කාරයෙන් බඳවා ගත් ශ්‍රමිකයන් වෙනුවෙන් වන්දි ගෙවීමේ විසඳුම දකුණු කොරියාව ප්‍රකාශයට පත් කරයි.
දෙවැනි ලෝක යුද්ධ සමයේ ජපානය විසින් බලහත්කාරයෙන් බඳවා ගනු ලැබූ කොරියා ශ්‍රමිකයන් වෙනුවෙන් වන්දි ගෙවීමේ විසඳුම දකුණු කෙරියා රජය ඊයේ(6) නිකුත් කළේය. එම විසඳුමට අනුව විත්තිකරු ජපාන සමාගම් වෙනුවට දකුණු කොරියා පරිපාලන ආරක්ෂක අමාත්‍යංශයට අයත් මූල්‍ය කණ්ඩායම් මගින් මුදල් එක්රැස් කර වන්දි ගෙවීමට එරට රජය තීරණය කළේය. එම විසඳුම දකුණු කොරියාවේ විශාලතම විපක්ෂය හා බොහෝ සිවිල් කණ්ඩායම් වල චිවේචන හා විරෝධයට ලක්ව තිබේ. විශාලතම විපක්ෂයේ ප්‍රධානී Lee Jae-myung මහතා පැවසුවේ එම විසඳුම දකුණු කොරියා රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසයේ අවමන් හා කැළල් සහගතම ක්‍රියාවක් බවයි. ඇතැම් ගොදුරු වූ ශ්‍රමිකයන්, ඔවුන්ගේ ඥාතීන් හා සිවිල් කණ්ඩායම් එම විසඳුම වෙත දැඩි විරෝධය පළ කරමින් පැවසුවේ එම විසඳුම අදාළ ජපාන සමාගම් අපරාධ ක්‍රියාවෙන් ඉවත් කළ හැකි විසඳුමක් බවයි. ජපාන සමාගම් වෙනුවට තුන් වැනි පාර්ශ්වයක් වන්දි ගෙවීම ඔවුහු පිළි නොගනිති.
1910 වසරේ සිට 1945 වසර දක්වා ජපානය කොරියානු අර්ධද්වීපයේ බලහත්කාරයෙන් ශ්‍රමිකයන් විශාල පිරිසක් බඳවා ගෙන ජපානය වෙත යොමු කර දැඩි ලෙස සේවය යොදවා ගෙන තිබේ. දකුණු කොරියාවේ ඊට ගොදුරුවූ ශ්‍රමිකයන් හා ඔවුන්ගේ ඥාතීන් දිගුකාලීනව බොහෝ වතාවක් ජපානයට එරෙහිව නඩු පවරා තිබේ. එහෙත් ජපාන රජය හා අදාළ සමාගම් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබේ.