ඇමරිකාව චීනය දෙස බලන ආකාරය වැරදි සහගත බව චීන ‍විදේශ අමාත්‍ය ඡින් ගං මහතා පෙන්වා දෙයි
2023-03-07 15:16:05
Share with:

අද (7) පැවති 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු චීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති හා විදේශ සම්බන්ධතා පිළිබඳව අදහස් දැක්වීය. ඇමරිකාව චීනය සිය ප්‍රධානම ප්‍රතිවාදියා හා විශාලම භූ දේශපාලන අභියෝගය වශයෙන් සලකන බවත්,  ඇමරිකාව චීනය දෙස බලන ආකාරය වැරදි සහගත බවත්, විදේශ අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේ ය. ඇමරිකාව කිසිදු පාර්ශ්වයකට වාසි නොවන අයුරින් තරඟ කළ යුතුය යන සීතල යුධ මානසිකත්වය සහ චීනය ප්‍රබල තර්ජනයක් විය හැකිය යන උපායමාර්ගික සැකය තුරන් කර ගත යුතු ය. චීනය සමග එක්ව දෙරටට හා ලෝකයටම යහපතක් ගෙන දෙන නිවැරදි මාර්ගයක් ඇමරිකාව සොයා ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ඡින් ගං  විදේශ ඇමතිවරයා සඳහන් කළේය.

ඇමරිකාව විවෘතව ප්‍රකාශ කර ඇත්තේ“චීනයේ අවට උපායමාර්ගික පරිසරය”හැඩගස්වන බව ය. ඇමරිකාව“ඉන්දු-පැසිෆික් උපායමාර්ගය”හරහා චීනය මර්දනය කිරීමේ සැබෑ අරමුණ එයින් පිළිබිඹු වේ. අදාළ කලාපීය රටවල යහපතට හානි කිරීම හැර එම උපායමාර්ගය දිගු කල් නොපවතින බව ද චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම