බස් රථවලින් නිකුත් වෙන වායු දූෂණය අවම කිරීමට නව වැඩපිළිවෙළක්
2023-03-07 16:41:47
Share with:

වායු දූෂණය වන බස් රථ හඳුනාගෙන එහි බලපත්‍රය සිය භාරයට ගෙන, වායු දුෂණයට අදාළ දෝෂ නිවැරදි කර පෙන්වීමට මාසයක කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම උපදෙස් පිළිනොපදින්නේ නම් වාහන හිමිකරුවන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් දෙපාර්තමේන්තුව සූදානම් වේ. මෙහිදී හඳුනාගන්නා වාහනවල ආදායම් බලපත්‍ර පොලිස් භාරයට ගෙන දෝෂ නිවැරදි කරගැනීමට දෙසතියක කාලයක් ලබා දෙනු ඇත. මාසයකට වැඩි කාලයක් දෝෂ නිවැරදි කර නොගන්නේ නම් පොලිසිය හරහා එම වාහන හිමිකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. බස්නාහිර පළාතෙන් ආරම්භ කර මෙම වැඩසටහන ඉදිරියේදී දීපව්‍යාප්තව සිදු කිරීමට සූදානම් බව මෝටර් රථ දෙපාර්තමේන්තුව කියා සිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම