ණය උගුල් පිළිබඳ වගකීම චීනයට පවරා ගත නොහැකියි- චීන විදේශ අමාත්‍යංශය
2023-03-07 15:13:05
Share with:

ඊනියා ණය උගුල් පිළිබඳ වගකීම් චීනයට පවරා ගත නොහැකි බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි. 

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය අද (7) මාධ්‍ය හමුවීමක් පැවැත්වීය. එම මාධ්‍ය හමුවට එක්වූ චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා චීන විදේශ ප්‍රතිපත්ති හා විදේශ සබඳතාව පිළිබඳ අදහස් දක්වමින් දෙස් විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය. 

සංඛ්‍යාලේඛණයට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල ස්වෛරී ණය තුළ, බහුපාර්ශ්වික මුල්‍ය ආයතන හා වාණිජ ණය ආයතනයන්ට අයත් ණය ප්‍රමාණය සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 80කට වැඩි වේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවලට එල්ල වූ විශාලතම ණය පීඩාවේ මුලාශ්‍රය බවද හෙතෙම එහිදී සඳහන් කළේය. විශේෂයෙන්ම පසුගිය වසරේ සිට මේ වනවිට ඇමරිකාව ණය පොලී පෙර නොවූ විරූ ආකාරයෙන් වේගවත්ව ඉහළ නැංවීම හේතුවෙන් ඒ ඒ රටවල අරමුදල් විදෙස් රටවලට ගලායාම නිසා ණය ප්‍රශ්න උග්‍ර වෙමින් පවතී. 

ජාත්‍යන්තර ණය ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා චීනය අඛණ්ඩව සාධනීය ආකල්පයෙන් යුතුව සිටින බව හෙතෙම පැවසීය.පොදුවේ ක්‍රියා කරමින් ‍පොදු උත්සාහයෙන් අදාල ගැටළු නිරාකරණය කරන ලෙස චීනය ඒ ඒ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම