නව ගෝලීය හරිතාගාර වායු නිරීක්ෂණ යටිතල පහසුකම් පිළිබඳ සැලැස්ම අනුමත කෙරේ
2023-03-07 09:57:17
Share with:

ලෝක කාලගුණ සංවිධානයේ විධායක සභාව ඊයේ (6) නව ගෝලීය හරිතාගාර වායු නිරීක්ෂණ යටිතල පහසුකම් පිළිබඳ සැලැස්ම අනුමත කළේය. ප්‍රධාන තොරතුරුවල පවතින හිඩැස් සම්පූර්ණ කිරීම සහ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ක්‍රියා කිරීම එහි අරමුණයි.

හරිතාගාර වායූන් සම්බන්ධ වත්මන් ජාත්‍යන්තර සහ ජාතික ක්‍රියාකාරකම් බොහොමයක පර්යේෂණ ප්‍රජාව විසින් ප්‍රධාන වශයෙන් සහය දක්වන බව ලෝක කාලගුණ සංවිධානය සඳහන් කළේය. භෞමික සහ අභ්‍යවකාශය පදනම් කරගත් හරිතාගාර වායු නිරීක්ෂණ හෝ ආකෘති නිර්මාණ නිෂ්පාදනවල විස්තීර්ණ සහ කාලෝචිත ජාත්‍යන්තර හුවමාරුවක් දැනට නොමැති බව ද සඳහන් වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම