“චීනය තම සංවර්ධනය ලෝකය හා බෙදාගන්නා රාජ්‍යයකි” -ප්‍රවීණ මාධ්‍යවේදී චමින්ද ගුණරත්න
2023-03-07 08:37:19
Share with:

චීනයේ ‘එක් තීරයක් - එක් මාවතක්’ වැනි වැඩසටහන් තුළින් චීනයේ සංවර්ධන අත්දැකීම් ලොවට තිළිණ කෙරුණු බව ප්‍රවීණ මාධ්‍යවේදී චමින්ද ගුණරත්න මහතා කියාසිටී. මේ වසරේ දසවස් සපුරන ‘එක් තීරයක් - එක් මාවතක්’ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික ශක්‍යතා නංවන බව ද ඔහු පෙන්වා දෙයි. මෙරට වරාය නගරය ඊට මනා නිදසුනකි.

සංවර්ධනය යනු ලෝකයේ සෑම රටක්ම සතු අයිතියක් බව, චීනයේ වත්මන් නායක ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කරන අදහසකි. එය පොදුවේ සාක්ෂාත් කරගැනීම උදෙසා ඔහු ‘ගෝලීය සංවර්ධන මුලපිරුම’ ලොවට හඳුන්වා දුන්නේය. විවිධ රටවල ජනතාවගේ පොදු අපේක්ෂාවන්ට ගැලපෙන ඊට බොහෝ රාජ්‍ය නායකයන්ගේ ද පැසසුම් හිමිවිය.

චීනය මේ වනවිට සිය පළමු සියවසේ ඉලක්ක සපුරාගෙන සාර්ථක ඉදිරි ගමනක නිරතව සිටී. ඒ, විවිධ අංශවලින් ප්‍රශස්ත මට්ටමේ ජයග්‍රහණ ද අත්පත් කරගනිමිනි. තිරසර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම, විදේශ වෙළඳාමේ අපේක්ෂිත අගයන් සාක්ෂාත් කිරීම, ගෝලීය නවෝත්පාදන දර්ශකයේ 11 වැනි ස්ථානයට පැමිණීම සහ මෝටර් රථ අපනයනයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කිරීම පසුගිය වසරේ චීනය දිනාගත් එවන් ජයග්‍රහණ රැසකින් කිහිපයක් පමණකි. දේශීය සහ ජාත්‍යන්තර තලයේ අභියෝගකාරී පසුබෑම් බහුල වූ සමයක මෙවැනි තත්ත්වයක් උදාකර ගැනීම පහසු කටයුත්තක් නොවන බව ද ගුණරත්න මහතා පෙන්වා දෙයි.

ප්‍රබල විභවතාවක් සහිත ආර්ථිකයක් ගොඩනගා ගන්නා අතරම වෙනත් රටවල් සඳහා ආයෝජන අවස්ථා හා විවිධ වේදිකා විවෘත කරදෙන චීනයේ සහයෝගිතා ප්‍රතිපත්ති අගය කළ යුතු බව ද ප්‍රවීණ මාධ්‍යවේදී චමින්ද ගුණරත්න මහතා පවසයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම