14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ දෙවන පූර්ණ රැස්වීමට චීන ජනපති එක්වේ
2023-03-07 15:17:38
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ දෙවන පූර්ණ රැස්වීමට චීන ජනපති එක්වේ.

අද (7) පස්වරුවේ චීනයේ බෙයිජිං නගරයේ මහජන මහා ශාලාවේදී එම පූර්ණ රැස්වීම පැවැත්විණ. එම රැස්වීමට චීන ජනාධිපති ෂී ජීන්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් සහ රාජ්‍ය නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

එම රැස්වීමේදී, 13වන චීන ජාතික මහජන ‍කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ලී චැන්ෂූ මහතා, මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති  චෞ ච්‍යං මහතා සහ මහජන පැමිණිලි සැපයුම් මණ්ඩලයේ සභාපති චාං ජුන් මහතා විසින් සිය ආයතන වෙනුවෙන් වෙන් වෙන්ව ඉදිරිපත් කළ කාර්ය වාර්තාවලට සවන් දුන්නේය. අනතුරුව රාජ්‍ය මණ්ඩල සාමාජික, රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් ෂෝ ජියැ මහතා රාජ්‍ය මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියා මාර්ගය පිළිබඳ පැහැදිලි කිරීමට ද සවන් දී තිබේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම