චීනයේ ජාතික සැසිවාර දෙක ලෝකයේ විවිධ දේශපාලන ව්‍යුහයන් අතර ඉතා සාර්ථක සංවර්ධන ප්‍රවේශයක්- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් රාජපක්ෂ මහතා
2023-03-07 08:42:01
Share with:

චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන 2023 වර්ෂයේ සැසිවාර දෙක චීනයේ අනාගත සංවර්ධනයේ දිශානතිය තීරණය කෙරෙන ප්‍රධානම අවස්ථාවක් බව කැළණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් රාජපක්ෂ මහතා පැවසීය. නීති සම්පාදනය" ප්‍රධාන නායක මණ්ඩලය පත් කිරීම සහ රජයේ අයවැය අනුමත කිරීම සඳහා සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයින් දහස් ගණනක් මෙම සැසි දෙක සඳහා සහභාගී වීම ද විශේෂත්වයකි. මෙම සැසිවාරය චීනයේ ආර්ථිකයට සහ ව්‍යාපාරවල ඉදිරි ප්‍රගමනය‍ට ඉතා වැදගත් වනු ඇත.

මෙම සැසිවාර දෙක තුළ දී සිදු කෙරෙන රජයේ ව්‍යුහාත්මක වෙනස්කම් චීනයේ ඉදිරි සංවර්ධන සැලසුම් සාක්ෂාත් කර ගැනීම සඳහා ඵලදායී වේ. මෙම සැලසුම් සහගත වැඩපිළිවෙළ ලෝකයේ විවිධ දේශපාලන ව්‍යුහයන් අතර ඉතා සාර්ථක සංවර්ධන ප්‍රවේශයකි. චීනයට සිය අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සාර්ථකව ළඟා කර ගැනීමට මෙම සැසිවාර දෙක හරහා ලබා දෙන මඟ පෙන්වීම ඉතා වැදගත් බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම