චීනයේ පෞද්ගලික ව්‍යවසායන්හි සංවර්ධනයට ෂී ජින්පිං මහතාගෙන් උපදෙස්
2023-03-07 19:20:17
Share with:

ඊයේ (6) චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා චීන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ගොඩනැගීමේ සංගමය හා සමස්ත චීන කාර්මික හා වාණිජ සංගමයට අයත් දේශපාලන උපදේශකයින් හමු වෙමින් ඔවුන්ගේ ඒකාබද්ධ සාකච්ඡා සභාවලට එක් වුණා.

චීනයේ පෞද්ගලික ආර්ථික අංශයේ උසස් සංවර්ධනය පිළිබඳව ෂී ජින් පිං මහතා එහිදී වැදගත් උපදෙස් ලබා දුන්නා. 

අදාළ බාධා ඉවත් කරමින් නීති හා ප්‍රතිපත්ති හරහා පෞද්ගලික ව්‍යවසායන් සාධාරණව වෙළඳපොළට එක් වීම සහතික කළ යුතු බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළා. පෞද්ගලික ව්‍යවසායන් පීඩනයෙන් තොරව සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ට සහය විය යුතු බව හෙතෙම පැවසුවා.

පෞද්ගලික ව්‍යවසායන්හි ව්‍යාපාරයන් ශක්තිමත් කරමින් උසස් සංවර්ධන මාවත අනුගමනය කළ යුතු බව ද ෂී ජින්පිං මහතා කියා සිටියා.

ස්වාධීන නවෝත්පාදනය ශක්තිමත් කිරීම, පෞද්ගලික ප්‍රාග්ධන ආයෝජනවල ජීව ශක්තිය උත්තේජනය කිරීම, අදාළ පාලන පියවර වැඩිදියුණු කිරීම පිළිබඳව ද ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී උපදෙස් ලබා දුන්නා.

වසර හතකට පසු, ෂී ජින්පිං මහතා යළි එම ඒකාබද්ධ සාකච්ඡා සභාවලට සහභාගි වූ අවස්ථාව මෙයයි. පෞද්ගලික ව්‍යවසායකයින්ට මග පෙන්වීම සඳහා, හෙතෙම උපදෙස් තුනක් ඉදිරිපත් කළා‍. එනම්, විශ්වාසය වැඩි කිරීම, සැහැල්ලුවෙන් ගමන් කිරීම සහ නිර්භීතව සංවර්ධනය කිරීමයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම