රටේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
2023-03-07 16:38:45
Share with:

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම මාර්තු මස අගවන විට ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කළේය.

අද(07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමට අදාළ ලිපිය ඊයේ(6) රාත්‍රියේ මෙරටට ලැබුණු බවත්, එය මුදල් අමාත්‍යවරයා වශයෙන් තමා සහ මහ බැංකු අධිපතිවරයා විසින් අත්සන් කර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යැවූ බවත් ඔහු සඳහන් කළේය.

උද්ධමනය වැඩි වන වේගය සියයට  50 ක් දක්වා අඩු වී තිබෙන බව ද ආහාර උද්ධමනය ද සියයට  54% ක් දක්වා අඩු වී තිබෙන බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑමකෙනෙකුට ම හිමි වුවත් උද්ඝෝෂණ පවත්වමින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට විරුද්ධව ආණ්ඩුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයේදි සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම