චීනය පෘථිවි-සඳ අභ්‍යවකාශ යටිතල පහසුකම් ගොඩනැගීමේ හැකියාවෙන් සතුවෙයි.
චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ කණ්ඩායමේ Chang'e-5 ගවේෂණ පද්ධතියේ ප්‍රධාන අණදෙන නිලධාරි සහ ප්‍රධාන සැලසුම්කරු Yang Mengfei මහතා වාර්ෂික සැසිවාර දෙකට මෙම වසරේ චීනයේ පෘථිවි-සඳ අභ්‍යවකාශයේ සංවර්ධනය වේගවත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
2001දී චීනය ජාතික අභ්‍යවකාශ යටිතල පහසුකම් ගොඩනැගීමේ සංකල්පය ඉදිරිපත් කළේය. වර්තමානයේදී, චීනයේ අභ්‍යවකාශ යටිතල පහසුකම්, සන්නිවේදනය, සංචාලනය සහ දුරස්ථ සංවේදන නිරීක්ෂණ සඳහා ගෝලීය සේවා සපයන ක්‍රමානුකූල සංවර්ධන රටාවක් නිර්මාණය කර ඇතැයි Yang Mengfei මහතා කියා සිටී. චීනයට දැනටමත් පෘථිවි-සඳ අභ්‍යවකාශ යටිතල පහසුකම් ගොඩනැගීමේ හැකියාවෙන් යුතුවන අතර වත්මන් කාලය අභ්‍යවකාශ යටිතල පහසුකම් පෘථිවි-සඳ අභ්‍යවකාශය දක්වා ව්‍යාප්ත කිරීමේ තීරණාත්මක කාලය බව ද හෙතෙම පෙන්වා දුන්නේය.