ලීසිං-බැංකු ණය ගෙවා ගැනීමට අපහසු ගණුදෙනුකරුවන්ට කඩිනමින් සහන ලබා දෙන ලෙස මහ බැංකුව මූල්‍ය ආයතනවලින් ඉල්ලයි
2023-03-06 15:18:38
Share with:

බැංකු, මූල්‍ය හා කල්බදු සමාගම්වලින් ලබා ගත් ණය නිසියාකාරව ආපසු ගෙවීමට නොහැකි වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ තනි පුද්ගල ගණුදෙනුකරුවන්ට යම් සහනශීලී වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු හා මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කොට තිබේ. ඒ අනුව ඉහත සඳහන් පිරිස් ලබා ගත් ණය ආපසු ගෙවීමේදී සහනයක් ලැබෙන ආකාරයට ඔවුන්ට තමන් ගනුදෙනු කරන මූල්‍ය ආයතන වෙත ගොස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ප්‍රතිලේඛනගත කළ හැකි පරිදි කටයුතු කරන්නැයි මහ බැංකුව ඉල්ලා  ඇත.

කොවිඩ්  වසංගතය සහ ඉන් පසුව රටේ ඇති වූ ආර්ථිකය සංකෝචනය වීමේ ප්‍රතිඵලයක් ලෙස නිසි ලෙස තම ණය වාරික හා පොලිය ආපසු ගෙවීමට අපොහොසත් වූ පිරිස් වෙත තවදුරටත් සහනයක් ලබා දෙන්නැයි යන අරමුණින් මෙම ඉල්ලීම කළ බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම