ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වෙයි
2023-03-06 10:37:31
Share with:

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ඇරඹේ.

වියානා හිදී අද(6) ඇරඹුණු එම රැස්වීම එළඹෙන 9 වැනිදා දක්වා දින හතරක් පුරා පැවැත්වේ.

න්‍යෂ්ටික ආරක්ෂාව, න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය සහ න්‍යෂ්ටික යෙදීම් හා සම්බන්ධ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ක්‍රියාකාරකම්, එම රැස්වීමේ දී සාකච්ඡා කෙරෙනු ඇත. එසේම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2231 යෝජනාවට අනුව ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් පරීක්ෂා කිරීම හා අධීක්ෂණය පිළිබඳ සාකච්ඡා ද මෙහිදී පැවැත්වීමට නියමිතය. උතුරු කොරියාවේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්නේ කෙසේද යන්න කෙරෙහි ද මෙම රැස්වීමේ අවධානය යොමුවනු ඇත.

Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ සුරක්ෂිතතාව සහ ආරක්ෂක ගැටලු මෙන්ම ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් අපජලය බැහැර කිරීම යන ආන්දෝලනාත්මක කරුණු පිළිබඳව ද මෙහිදී අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම