ජපානය සිය‍ ඓතිහාසික යුද අපරාධ කෙරේ වන්දි ගෙවිය යුතු සැලැස්ම පිළිබඳ චීනයේ ස්ථාවරය
2023-03-06 19:35:24
Share with:

දෙවන ලෝක යුද සමයේදී ජපානය විසින් කොරියාවේ කම්කරුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම පිළිබඳ වන්දි ගෙවීමේ සැලැස්ම දකුණු කොරියාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චීනය ස්ථාවරය පැහැදිලි කරයි. 

බලහත්කාරයෙන් කම්කරුවන් බඳවා ගැනීම හා කම්කරුවන් වහල් සේවකයින් ලෙස පාලනය කිරීම, ඉතිහාසයේදී ජපාන රණපරමවාදය විසින් චීනය, දකුණු කොරියාව ඇතුළු ආසියානු රටවල ජනතාවට සිදු කළ බැරෑරුම් අමානුෂික අපරාධ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි. ජපානය අවංක හා වගකීම් සහගත ආකල්පයෙන් එවන් ඓතිහාසික ප්‍රශ්න හැසිරවිය යුතු බව සෑම විටම චීනයේ ස්ථාවරයයි. ඒ සඳහා ජපානය සිය‍ ඓතිහාසික අපරාධ කෙරේ පශ්චාත්තාපය පළකරමින් ගොදුරුවූවන්ට ගරුත්වය ද දැක්විය යුතුය. ජපානය ඉතිහාස ඉගෙනුම් තුළින්  රටේ මීළඟ පරපුරට අධ්‍යාපනය ලබා දීම ද වැදගත්ය. ජපානයට ආසියානු රටවල හා ජගත් ප්‍රජාවේ විශ්වාසය දිනා ගත හැක්කේ එවන් ප්‍රායෝගික ක්‍රිවාවලින් පමණක් බව ද මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20230921බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම