චීනයේ ආර්ථික ජයග්‍රහණ ගෝලීය වෙළඳ ප්‍රසාරණයට සහ ආර්ථික වර්ධනයට ප්‍රබල සාධකයක් වනු ඇත
2023-03-06 09:03:12
Share with:

ඉදිරි වර්ෂය සඳහා සංවර්ධන සැලසුම් සාකච්ඡා කෙරෙන 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය මාර්තු මාසයේ 04වැනිදා ආරම්භ කෙරෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ. එහිදී ඉදිරි වසර පහ සඳහා චීනයේ රටේ නායක මණ්ඩලය මත විමසීමක් මගින් තෝරා ගැනීමට නියමිත අතර ඒ වෙනුවෙන් පළමුව සුබ පැතුම් එක් කිරීමට කැමති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා කියා සිටී.

මෙම නව නායක මණ්ඩලය විසින් ඉදිරි පස් වසර තුළ චීනය කුමන දිශාවකට රැගෙන යාවිද, චීනයේ ආර්ථික ගමන, චීන වැසියන්ගේ ජීවන තත්ත්වය, චීනය ලෝකය සමඟ කොතැනක තැබිය හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. සංවර්ධනය සඳහා චීන ප්‍රවේශයන් පදනම් වී ඇත්තේ ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් ජනතාවගේ ජීවන තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා රට විසින්ම ගෙන යන ගමන මත ය. ඉදිරි වසර 5ක කාලය තුළ චීනයේ නව ආර්ථික සැලසුම් සහ ප්‍රතිපත්ති ගෝලීය ආර්ථික ප්‍රස්ථාර ඉහළ නැංවීමට සමත් වනු ඇත. එබැවින් චීනයේ ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීමේ ක්‍රියාවලිය ගෝලීය වෙළඳ ප්‍රසාරණය සහ ආර්ථික වර්ධනයට ප්‍රබල සාධකයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, චීනයට සුබ පතන අතර චීන ජනතාවට සුබදායක නව චීනයක් ඉදිරි පස් වසර තුළ ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම