ඇමරිකාව චීනයේ සංවර්ධනයට බාධා දැමීමේ උත්සාහය නිෂ්ඵල බව චීනය පවසයි
2023-03-06 19:01:55
Share with:

ඇමරිකාව චීනයේ චිප නිෂ්පාදන සංවර්ධනයට බාධා දැමීමේ උත්සාහය නිෂ්ඵල බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

එම උත්සාහය අවසානයේ ඇමරිකාවේ රැකියා නියුක්තිය හා නිෂ්පාදන අලෙවි කිරීමට හානි කරනු ඇති බව ඇමරිකාවේ ව්‍යවසායකයා වන බිල් ගේට්ස් මහතා මෑතකදී පවසා ඇත. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (6) නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවාය. ඇමරිකාවේ අර්ධ සන්නායක කර්මාන්තය ගෝලීය සැපයුම් දාමය මත බෙහෙවින් රඳා පවතින අතර, ඇමරිකාවේ උත්සාහය කාර්මික සංවර්ධන මූලධර්මයන් උල්ලංඝනය කිරීමක් සහ ඇමරිකාවට දැවැන්ත ආර්ථික හා තාක්ෂණික පිරිවැයක් බව බොහෝ ඇමරිකානු ව්‍යවසායකයන් අදහස් දක්වා ඇතැයි ඇය පැවසුවාය.

තාක්‍ෂණික ආධිපත්‍යය පවත්වා ගැනීම, සෙසු රටවල සංවර්ධන අයිතීන් අහිමි කිරීම සහ ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමය විනාශ කිරීම ඇතුළු බිඳෙනසුලු ලෝක ආර්ථිකයට හානි කිරීමේ ක්‍රියාවන් ඇමරිකාව නොකළ යුතු බව Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම