බහුකාර්ය සංවර්ධන සහායකයන් 2400කට දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සහායක පත්වීම්
2023-03-06 15:17:47
Share with:
බහුකාර්ය සංවර්ධන කාර්යසාධක දෙපාර්තමේන්තුවේ පුහුණුව ලත් බහුකාර්ය සංවර්ධන සහායකයන් 2,400කට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහායකයින් ලෙස පත්වීම් පිරිනැමේ.
ලිපි ප්‍රදානය අගමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගිය දා සිදු කෙරිණ.
රටේ පවතින තත්ත්වය යටතේ රාජ්‍ය සේවය උදෙසා අලුතින් බඳවාගැනීම් නවතා තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව, මෙම ස්ථිර පත්වීම් පිරිනැමීම සිදු කර ඇත.