චීනයේ දියුණුව කෙරෙහි ලෝකයේ අවධානය යොමුවෙයි
2023-03-06 11:38:21
Share with:

චීනයේ වාර්ෂික ජාතික සැසිවාර දෙකේ ආරම්භය සමස්ත ලෝකයේ අවධානය ආකර්ෂණය කරගැනීමෙහි සමත් ව ඇත. චීනයේ දියුණුව ලෝකයට ඉතා වැදගත් බවත්, චීනයේ සංවර්ධන අත්දැකීම් අනෙකුත් රටවලට අධ්‍යයනය කිරීම සඳහා සුදුසු බවත් ජාත්‍යන්තර මට්ටමේ විවිධ පිරිස් පවසා තිබේ. මෙම සැසිවාර දෙක ඔස්සේ, චීනයේ අනාගත දේශීය හා විදේශ ප්‍රතිපත්ති පිළිබඳව හැදෑරීමට ඔවුහු අපේක්ෂා කරති.ඇමරිකානු-චීන ගුවන් සේවා උරුම පදනමෙහි සභාපති ජෙෆ් ග්‍රීන් මහතා පවසන්නේ, සුවිශේෂ හමුවක් වන චීනයේ වාර්ෂික ජාතික සැසිවාර දෙක මුළු ලෝකයටම ඉතා වැදගත් වන බවයි. අනාගතයේ දී චීනය සිය ආර්ථිකය නැංවීමට ගන්නා ක්‍රියාමාර්ග  ලෝකය කෙරෙහි සාධනීය බලපෑමක් ඇති කරන බව ද ජෙෆ් ග්‍රීන් මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම