චීන ජනපති සැසිවාරයට එක්වෙමින් සිටින දේශපාලන උපදේශකයින් හමු වෙයි
2023-03-06 17:12:19
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයට එක්වෙමින් සිටින එහි දේශපාලන උපදේශකයින් හමු වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ධුරය ද හොබවන ෂී ජින්පිං මහතා, අද(6) පස්වරුවේ චීන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ගොඩනැගීමේ සංගමය හා සමස්ත චීන කාර්මික හා වාණිජ සංගමයට අයත් දේශපාලන උපදේශකයින් හමු විය. එම අවස්ථාවේදී ඔහු ඔවුන්ගේ ඒකාබද්ධ සාකච්ඡා සභාවලට එක් වෙමින් ඔවුන්ගේ යෝජනා හා අදහස්වලට සවන් දුන්නේය.

චීනයේ පෞද්ගලික ආර්ථික අංශයේ උසස් සංවර්ධනය ඉටු කිරීම සඳහා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිපත්ති නිවැරදිව අවබෝධ කර ගැනීමට පෞද්ගලික ව්‍යවසායන්ට මග පෙන්විය යුතු අතර, එම ව්‍යවසායන් හි විශ්වාසය වැඩි කරමින් පීඩනයෙන් තොරව සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම