රන් මිල පහළට
2023-03-06 15:16:57
Share with:

රන් පවුමක මිල රුපියල් 17,000 සිට 15,000 අතර අගයකින් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මේ දිනවල ශ්‍රී ලංකා රුපියලේ අගය ශක්තිමත් වීම මීට හේතු වී තිබේ.

ඒ අනුව කැරට් 24ක රන් පවුමක් රුපියල් 170,500ක් සහ කැරට් 22ක රන් පවුමක් රුපියල් 157,500ක් වශයෙන් ඉකුත් සෙනසුරාදා මිල පහත බැස තිබූ බව එම සංගමය ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම