ලෝකයේ රටවල සංවර්ධනයට බලපෑම් කරන ඇමරිකාවේ සැඟවුණු න්‍යාය පත්‍රයට එරෙහි වීමට සාමුහිකව පෙළ ගැසිය යුතුයි- හිටපු කැබිනට් අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා
2023-03-06 14:46:08
Share with:

21 වන ශත වර්ෂයේ ආරම්භයත් සමඟම ආසියාව ලෝක ආර්ථිකයේ පෙර ගමන්කරු බවට පත් වී ඇත. ආසියාවේ සියලු රටවල් සාමුහිකව සිදු කරන මෙම දායකත්වයේ දී චීනය එහි ප්‍රධාන එන්ජිම ලෙස සක්‍රීය දායකත්වයක් ලබා දෙයි. මෙවැනි දායකත්වයක් ලබා දෙන චීනයේ සංවර්ධන කාර්යයන් සඳහා කිසිවකු බලපෑම් නොකළ යුතු බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් සහ හිටපු කැබිනට් අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය‍‍.

1880 වර්ෂයේ දී පමණ ආරම්භ වූ බටහිර අධිරාජ්‍යවාදය අද වන විට මූල්‍ය, ආර්ථික, තාක්ෂණ සහ යුධමය වශයෙන් දුර්වල වෙමින් පවතී. විවිධ අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් අතීතයේ දී යුධමය තත්ත්වයන් නිර්මාණය කළ ද තවදුරටත් එය සිදු කිරීමට අධිරාජ්‍යවාදී රටවලට ශක්තියක් නොමැත. ලෝක බලතුලනය සහ ලෝක ආර්ථික ‍රටාව ද වෙනස් වෙමින් පවතින යුගයක ඔවුන් උත්සාහ කරනුයේ කුමන්ත්‍රණකාරී ලෙස විවිධ රටවලට බලපෑම් ඇති කිරීමට බව හෙතෙම කියා සිටී.

වර්තමානයේ ලෝක වෙළෙඳපොළ සහ ප්‍රාග්ධනය ද ආසියාව කේන්ද්‍ර කොට නිර්මාණය වී ඇත. එහෙයින් ආසියානු රටවල සංවර්ධන කටයුතු සඳහා ඇමරිකාව ප්‍රමුඛ පාර්ශ්වයන්ගේ බලපෑම් එල්ල වනු දැකිය හැක. තවදුරටත් පවතින මාධ්‍ය අධිකාරිය යොදා ගනිමින් අසත්‍ය චෝදනා සහ ප්‍රචාරණයන් සිදු කරන බව ඔහු පැවසීය. මෙවැනි ක්‍රියාවන්ට විරුද්ධව මේ වන විටත් යුරෝපය තුළම විරෝධතාවයන් උත්සන්න වෙමින් පවතී.

ලෝකයේ සියලුම රටවල් මේ තත්ත්වය පැහැදිලිව හඳුනාගෙන සාමුහිකව ක්‍රියා කිරීම හා සියලු අංශයන්ගෙන් සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම හරහා මෙවැනි කුමන්ත්‍රණකාරී බලවේගයන් මුලිනුපුටා දැමීමට හැකි බව ඩිව් ගුණසේකර මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම