මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමස්ත කාන්තාවන්ට සුබ පැතුම් පිරිනමයි. 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයට සහභාගි වන කාන්තාවන්ට, රට පුරා විවිධ ක්ෂේත්‍රවල නියුතු සියලු ජනවාර්ගික කාන්තාවන්ට, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ, මැකෞ විශේෂ පරිපාලන කලාපයේ, තායිවාන ප්‍රදේශයේ සහ විදේශ රටවල සිටින චීන කාන්තාවන්ට ජනාධිපතිවරයා සුබ පැතුම් පළ කළේය.
අද (6) පස්වරුවේ ෂී ජින්පිං මහතා චීන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ගොඩනැගීමේ සංගමය හා සමස්ත චීන කාර්මික හා වාණිජ සංගමයට අයත් දේශපාලන උපදේශකයින් හමු විය. එම අවස්ථාවේදී ඔහු ඔවුන්ගේ ඒකාබද්ධ සාකච්ඡා සභාවලට එක් වෙමින් ඔවුන්ගේ යෝජනා හා අදහස්වලට සවන් දුන්නේය.