අධිගුණාත්මක සංවර්ධනය තුළ ජනතාවගේ යහපැවැත්ම අපේක්ෂා කරන ෂී ජින් පිං මහතාගේ චින්තනය
2023-03-06 11:13:20
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ඊයේ(05) බෙයිජිංහි මහජන මහශාලාවේ දී ආරම්භ විය. සැසිවාරය පැවැත්වෙන කාලයේ චීනයේ විවිධ පළාත්වල නියෝජිත කණ්ඩායම් ද සාමූහිකව සාකච්ඡා පවත්වති. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(5) පස්වරුවේ Jiang Su පළාතේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයන් සමඟ සාකච්ඡා  පැවැත්විය. අධිගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය ළඟා කර ගැනීම ප්‍රමුඛතම කාර්යය වශයෙන් සැලකිය යුතු බව හෙතෙම එහි දී අවධාරණය කළේය.

අධිගුණාත්මක සංවර්ධනය යනු නවීන සමාජවාදී රටක් සම්පූර්ණයෙන් ගොඩනැඟීමේ මූලික කාර්යය බව ෂී ජින් පිං මහතා එහි දී පෙන්වා දුන්නේය. මෑත වසරවල දී, ඔහු සිය දේශනවල අවස්ථා රැසකදීම අධිගුණාත්මක සංවර්ධනයක් සඳහා වන ඉල්ලුම පිළිබඳ අදහස් ඉදිරිපත් කර ඇත. එමෙන්ම මෙම වසරේ පමණක් වැදගත් සාකච්ඡා ගණනාවක දී අධිගුණාත්මක සංවර්ධනය සඳහා වන කාර්යයන් ද සැලසුම් කර තිබේ. චීනයේ ආර්ථික ප්‍රවර්ධනය අරමුණු කරගත් ෂී ජින් පිං මහතාගේ ආර්ථික චින්තනයේ වැදගත් අන්තර්ගතයක් වන්නේ මෙම අධිගුණාත්මක සංවර්ධනයයි.

අධිගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් වන්නේ ඉහළ මට්ටමේ විද්‍යා හා තාක්ෂණික ස්වාධීනත්වය සහ ස්වයං-දියුණුව වේගවත්ව සාක්ෂාත් කර ගැනීමයි. උග්‍ර ජාත්‍යන්තර තරඟයේ දී, ඇමරිකාව සහ ඔවුන්ගේ පාර්ශවකරුවන් චීනයේ අධි තාක්ෂණික අංශයට සීමා පනවා ඇත. එසේම ඇමරිකාව නිතරම සිය සම්බාධක ලැයිස්තුවට චීන සමාගම් ඇතුළත් කරයි. වර්තමානයේ, චීන ආර්ථිකයේ අධිගුණාත්මක සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම, මූලික වශයෙන් විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනය මත රඳා පවතී.

ෂී ජින් පිං මහතාගේ මතය අනුව, අධිගුණාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ මූලික ඉලක්කය වන්නේ ජනතාවගේ සතුට හා යහපැවැත්මයි. "ජනතාව කේන්ද්‍ර කරගැනීම" යනු ෂී ජින් පිං මහතාගේ මූලික පාලන චින්තනයයි. “යහපත් ජීවිතයක් සඳහා වන ජනතාවගේ අපේක්ෂාව, අපගේ ඉලක්කයයි” යනුවෙන් 2012 දී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙස තේරී පත් වූ පසු ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. මෙය ඔහුගේ නොසැලෙන අධිෂ්ඨානයයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම