ආර්ථිකයේ යහපත් ප්‍රවණතාවන් මතුවෙමින් ඇතැයි මහ බැංකු අධිපතිවරයා පවසයි
2023-03-05 16:40:50
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් හිමිවන ණය ලබාගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගතයුතු සියලු පියවර මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාසික මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලැබීමට නියමිත ණය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් වන අවසන් පියවරට නුදුරේදීම සාර්ථකව යාමට  හැකිවනු ඇතැයි විශ්වාස කරන බවය.

විනිමය අනුපාත, සංචිත වැඩි කරගැනීම, උද්ධමනය පාලනයවීම, වෙළෙඳපොළ පොලී අනුපාතය තවදුරටත් අඩුවීමේ ප්‍රවණතාවය, රජයේ ආදායම වැඩිවීම ආදී වශයෙන් යහපත් ප්‍රවණතාවයන් ඇතිවී තිබෙන බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම