පුද්ගලික ව්‍යවසායයන් නැංවීමට පුළුල් සැලසුම් මාලාවක් රාජ්‍ය කාර්ය වාර්තාවෙන්
2023-03-05 10:37:07
Share with:


චීනය පුද්ගලික ව්‍යවසායකයන්ගේ දේපළ අයිතිවාසිකම්, ව්‍යවසායක අයිතිවාසිකම් සහ අවශ්‍යතා  නීත්‍යනුකූලව ආරක්ෂා කර, පෞද්ගලික ආර්ථිකය සහ පෞද්ගලික ව්‍යවසායන් දිරිගන්වමින් ඒවා සංවර්ධනයට සහාය දී, කුඩා, මධ්‍යම සහ ක්ෂුද්‍ර ව්‍යවසායයන් මෙන්ම  තනි කාර්මික සහ වාණිජ කුටුම්භ සංවර්ධනයට ද සහාය දෙන බව අද (5) ආරම්භ වූ චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයට අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ. සියලු වර්ගවල ව්‍යවසායයන්ට සාධාරණ තරඟකාරිත්ව වර්ධනය සඳහා උචිත පරිසරයක් නිර්මාණය කර, වෙළඳපළ අපේක්ෂා සහ විශ්වාසය ඉහළ නැංවීම සඳහා ප්‍රායෝගික උපායමාර්ග භාවිත කරන බව ද එම වාර්තාවේ දැක්වේ.  

එසේම, වෙළඳපළ ප්‍රවේශය පුළුල් කිරීම සහ නවීන සේවා කර්මාන්තයේ විවෘතභාවය වැඩි කළ යුතු අතර, විදේශීය අරමුදල් යොදවන ව්‍යවසායයන් සඳහා ජාතික මට්ටමේ සැලකිලි ක්‍රියාත්මක කෙරේ. ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුම (CPTPP) වැනි උසස් ප්‍රමිතියෙන් යුත් ආර්ථික සහ වෙළඳ ගිවිසුම්වලට ප්‍රවේශ වීම සක්‍රියව ප්‍රවර්ධනය කිරීම, අදාළ නීති කළමනාකරණය සහ ප්‍රමිතීන්ට අනුව ආයතනික විවෘත භාවය ක්‍රමානුකූලව පුළුල් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම