ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ චීනයේ අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගැනේ
2023-03-05 13:15:08
Share with:

අද (5) පෙරවරුවේ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය පැවැත්වෙන අතරතුර "අමාත්‍ය සාකච්ඡා මාවත" ක්‍රියාත්මක කෙරේ. ඇමතිවරු කිහිප දෙනෙක් අද පැවති පළමු මාධ්‍ය සම්මුඛ සාකච්ඡා වාරයට එක්වූහ.

චීන ජෛව පරිසර අමාත්‍ය Huang Runqiu මහතා, චීනයේ ජෛව විවිධත්ව ආරක්ෂාව පිළිබඳ අත්දැකීම් තුනක් එම අවස්ථාවේදී ලෝකයට හඳුන්වා දුන්නේය.

පළමුව, මානවයා හා සොබාදහම අතර සුසංයෝගී සහජීවනය යනාදී ජෛව ශිෂ්ටාචාරය පිළිබඳ සංකල්පය ජගත් ප්‍රජාව විසින් පුළුල් ලෙස පිළිගෙන තිබේ. දෙවැන්න, පාරිසරික ආරක්ෂණ රතු රේඛා යාන්ත්‍රණය ඇතුළු චීනයේ පාරිසරික පරිපාලන ක්‍රමය සහ වැඩසටහන් ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගැනීමය. තෙවැන්න, ගෙවී ගිය වසර දහය තුළ, චීනය මහා පරිමාණ පාරිසරික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවා ඇති අතර එය ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම