2023 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කෙරේ
2023-03-05 10:35:56
Share with:

2023 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කෙරේ.

මේ බව ලී ක ච්‍යං අග්‍රාමාත්‍යවරයා අද (5) ඉදිරිපත් කළ රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම එහි චීන ආර්ථීක සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක රැසක් ඉදිරිපත් කර ඇත.

නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12 කින් වැඩිකිරීම, එම ප්‍රදේශවල විරැකියා අනුපාතය 5.5% ක් පමණ අඩු මට්ටමක් දක්වා පාලනය කිරීම සහ පුරවැසියන්ගේ පරිභෝජන මිල ඉහළ යාම 3% ක ම‍ට්ටමේ පවත්වා ගැනීම ඊට ඇතුළත්ය. එමෙන්ම, ආනයන සහ අපනයන ක්ෂේත්‍රවල ස්ථාවරත්වය හා ගුණාත්මකභාවය ඉහළ නංවාගෙන ජාත්‍යන්තර අයවැය මූලික වශයෙන් සමබර මට්ටමක පවත්වා ගත යුතු ය. ධාන්‍ය නිෂ්පාදන ප්‍රමාණය‍ ටොන් මිලියන 650කට වඩා වැඩි අගයක් අපේක්ෂිත ය. මීට අමතරව, ෆොසිල බලශක්ති පරිභෝජනය පාලනය කරමින්, තිරසර ජෛව පරිසර සුරක්ෂිතතාව නැංවීම ද මේ වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක අතරට ඇතුළත් වන බව ලී ක ච්‍යං අග්‍රාමාත්‍යවරාගේ රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වේ. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම