පසුගිය වසරේ චීනය සංවර්ධනය කිරීමේ දී අසීරුතා ඇති වුවද නව ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වී ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පවසයි.
හෙතෙම මේ බව පැවසුවේ අද(05) පෙරවරුවේ බෙයිජිං හි ආරම්භ වූ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ දී රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමිනි.
පසුගිය වසරේ චීන ආර්ථිකයේ ස්ථාවරත්වයක් පවතින බව ලී ක ච්‍යං මහතා පවසයි. සංවර්ධන ගුණාත්මක භාවය ස්ථිර අයුරින් ඉහළ නංවා ඇති අතර, සමාජයීය තත්ත්වය ද ස්ථාවර බව හෙතෙම කියා සිටී.
2022 වසරේ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 3%කින් වර්ධනය වී ඇත. නගර හා උප නගර තුළ පුද්ගලයින් මිලියන 12.06ක් සඳහා නව රැකියා අවස්ථා හිමි විය. පාරිභෝගික මිල දර්ශකය 2%කින් වැඩි වී සංකීර්ණ පරිසරයක් තුළ, වසරේ සංවර්ධනය සඳහා වන ප්‍රධාන ඉලක්ක සාක්ෂාත් කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.