ඇමරිකාවේ Ohio ප්‍රාන්තයේ තවත් දුම්රිය පීලි පැනීමක්
2023-03-05 16:30:30
Share with:

ඇමරිකාවේ Ohio ප්‍රාන්තයේ  දුම්රිය පීලි පැනීමේ අනතුරක් යළිත් ඊයේ(4) සිදු විය. අවට පදිංචිකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට දැනුම් දී තිබේ.

වාර්තාවලට අනුව, Norfolk Southern Railway සමාගමට අයත් මැදිරි 212 කින් යුත් දුම්රියක්, Ohio ප්‍රාන්තයේ Springfield නගරයේ අධිවේගී මාර්ගයක් අසල පීලි පැන තිබේ. එහි මැදිරි 20ක් එලෙස පීලි පැනීමට ලක්විය. දුම්රියේ කිසිදු අන්තරායකර ද්‍රව්‍යයක් නොමැති බව අදාළ දුම්රිය සමාගම පවසා තිබේ. සිද්ධියෙන් තුවාල සිදුවීම් පිළිබඳ වාර්තාවී නොමැත. දුම්රිය පීලි පැනීමට ලක් වූ ස්ථානයේ සිට අඩි 1,000ක්  ඇතුළත පදිංචිකරුවන්ට ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට දැනුම් දී ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම