චීන රජය අද (05) 2023 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාව රටේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කළේය. ස්ථාවරත්වය පවත්වාගෙන යමින් ආර්ථික වර්ධනය වෙනුවෙන් රජය කටයුතු කරන බව එම වාර්තාව සඳහන් කරයි. මේ වසරේ චීනයේ අපේක්ෂිත සංවර්ධන ඉලක්ක පිළිබඳව ද එම කාර්ය වාර්තාවේ සඳහන් විය. ගෝලීය ආර්ථිකය පසුබෑමකට ලක් ව ඇති පසුබිම යටතේ චීන රජය ඉදිරිපත් කළ මෙම වාර්තාව ලෝකයට විශ්වාසයක් ලබා දී තිබේ.
මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ගෝලීය මූල්‍ය ආයතන 2023 වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහත දමා ඇත.මේ වසරේ චීන දළ දේශීය නිෂ්පාදිතයේ අපේක්ෂිත වර්ධනය 5%ක් බව චීන රජය ප්‍රකාශ කර තිබේ. චීන දේශීය කොවිඩ් පාලනය අඛණ්ඩව යහපත් අතට හැරීම, චීන වෙළඳ පොලේ ක්‍රියාකාරීත්වය වඩාත් සක්‍රීය වීම, දේශීය පරිභෝජනය හා නිෂ්පාදනය ක්‍රමයෙන් විධිමත් වීම හේතුවෙන් මෙම අපේක්ෂිත ඉලක්කය කෙරේ චීනය පමණක් නොව ජගත් ප්‍රජාව ද විශ්වාසය තබන බව පැහැදිලි ය. ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය, චීන ලක්ෂණවලින් යුතු නවීකරණයේ මූලික ලක්ෂණයකි. මෙම නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා ආර්ථික වර්ධන අපේක්ෂාව ධනාත්මක මට්ටමක තබා ගැනීමට අමතරව, චීන රජය තවත් අපේක්ෂිත ඉලක්ක රැසක් නියම කර ඇත. රැකියා නියුක්තිය ඉහළ නංවාලීම, පාරිභෝගික මිළ නිසියාකාරයෙන් පාලනය කිරීම, අපනයනය ප්‍රවර්ධනය කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. මෙවන් ඉලක්ක තුළින් චීන රජය සංවර්ධන ක්‍රියාවලියේ ඉහළ ගුණාත්මකභාවයට දැඩි අවධානය යොමු කිරීම පිළිබිඹු වේ. චීන ලක්ෂණවලින් යුත් නවීකරණය ඉදිරියට ගෙන යාමේදී චීනයට ලෝකය සමග වැඩියෙන් අවස්ථා බෙදා ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.