ගෙවි ගිය වසර 5 තුළ චීන ආර්ථිකයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 5.2% ක්
2023-03-05 10:02:09
Share with:

ගෙවි ගිය වසර 5 තුළ චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධන ප්‍රගතින් ලෝකයේ අවධානයට ලක්ව තිබෙන බව චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යං මහතා 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය වෙත රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් පවසයි.

ගත වූ වසර 5 තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 121 දක්වා ළඟා වී ඇති අතර, වසර පහ තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 5.2% කි. ගෙවි ගිය වසර දහය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 70 කට ආසන්නව වැඩි වී තිබෙන අතර සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 6.2% ක් වේ. චීනයේ ආර්ථික ශක්තිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

එම රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, ගෙවි ගිය වසර 5 තුළ, චීනය අඛණ්ඩව ප්‍රතිසංස්කරණය සහ විවෘත කිරීම ගැඹුරු කරමින් “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කරමින් සිටී. එම කාලය තුළ චීනයේ භාණ්ඩ ආනයන හා අපනයන නිමැවුම යුවාන් ට්‍රිලියන 40 ක් ඉක්මවයි. විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ විදේශ රටවලට ආයෝජනය කිරීම අතින් චීනය ලෝකයේ ඉහළම පෙළේ සිටී. දරිද්‍රතාවය තුරන් කිරීම, විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනය සහ පරිසරය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද චීනය ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම