ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෘත්තීයමය ප්‍රවේශයක් අනුගමනය කරනු ඇතැයි ඉරාන ජනාධිපතිවරයා අපේක්ෂා කරයි
2023-03-05 16:56:16
Share with:

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය  ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් වෘත්තීයමය ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කරයි.එම ඒජන්සියේ තීරණවලට ඇතැම් රටවල මැදිහත්වීම් වළක්වා ගත යුතු බවද හෙතෙම කීය.

ඉරාන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ටෙහෙරාන් අගනුවරදී ඉරානයේ සංචාරයක නිරත ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවූ අවස්ථා‍වේදීය.

ඊශ්‍රායලය, ඇමරිකාව වැනි රටවල් ඉරාන ජනතාවට තවදුරටත් බලපෑම් කිරීමට න්‍යෂ්ටික ප්‍රශ්නය නිදහසට කරුණක් ලෙස භාවිත කරන බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා ඉරානය සහ ලෝක බලවතුන් අතර  න්‍යෂ්ටික ගිවිසුම   2015 වසරේදී උල්ලංඝන කරනු ලැබුවේ ඇමරිකාව විසින් බව ද සඳහන් කළේය.

ඉරානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමග  ඉහළම මට්ටමේ සහයෝගීතාවක්  පවත්වයි. ඉරානය න්‍යෂ්ටික වැඩසටහන මෙන්ම එහි රෙගුලාසි සම්බන්ධයෙන් තම රටේ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සත්‍යය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද  ඉරාන ජනාධිපතිවරයා කීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම