කාන්තා දින ජාතික උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 8 වැනිදා
2023-03-05 16:41:36
Share with:

2023 කාන්තා දින ජාතික උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 8 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරේ.

"ඇය දැයේ අභිමානයයි" යන තේමාව යටතේ කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය එය සංවිධාන කරයි.

ජාතික උත්සවයට විශේෂ අංග කිහිපයක් ඇතුළත් වන අතර, ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ අභිමානය හා ප්‍රෞඪත්වය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් රටට කීර්තිය අත්කර දුන් සුවිශේෂි කාන්තාවන් තිදෙනකු ඇගයීමට ලක් කිරීමද සිදු කෙරේ. කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ දායකත්වයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් තෝරා ගත් හොඳම ව්‍යවසායික කාන්තාවන් 25දෙනකුට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම