සාමකාමී අයුරින් මව්රට එක්සත් වීම චීනය තවදුරටත් තහවුරු කරයි
2023-03-05 10:58:37
Share with:

එකම චීනයක් යන මූලධර්මය චීනය තවදුරටත් ස්ථිර අයුරින් තහවුරු කරයි.

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා මේ බව පැවසුවේ අද(05) පෙරවරුවේ බෙයිජිං හි ආරම්භ වූ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ දී රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමිනි.

තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ ගැටළුව නව යුගය පරිදි නිරාකරණය කිරීමේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාමාර්ගයෙහි චීනය අඛණ්ඩ ව එල්බ සිටින බව හෙතෙම කියා සිටී. එකම චීනයක් යන ප්‍රතිපත්තිය හා ඊට අදාළ ‘ 1992 වසරේ එළඹුණු එකඟතාව ’ මෙන් ම තායිවානය චීනයෙන් වෙන් කිරීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් එක්සත් භාවය ඇති කිරීම චීනය අනුගමනය කරයි.

හොංකොං විශේෂ පරිපාලන කලාපය හා මැකෞ විශේෂ පරිපාලන කලාපය සම්බන්ධයෙන් ලී ක ච්‍යං මහතා රාජ්‍ය කාර්ය වාර්තාවේ දී පෙන්වා දෙන්නේ, ‘ එක් රටක් ක්‍රම දෙකක් ’, ‘ හොංකොං වැසියන් විසින් ම හොංකොං පාලනය කිරීම ’, ‘ මැකෞ වැසියන් විසින් ම මැකෞ පාලනය කිරීම ’ යන ප්‍රතිපත්ති වල චීනය අනිවාර්යයෙන් ම නියැළී සිටිය යුතු බවයි. හොංකොං හා මැකෞ හි දිගුකාලීන සමෘද්ධිය තහවුරු කළ යුතු බව ද ලී ක ච්‍යං මහතා පවසයි.

එසේ ම, ස්වාධීන හා සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති චීනය ස්ථිර ලෙස අනුගමනය කරයි. අන්‍යොන්‍ය, පොදු-ජයග්‍රාහී විවෘත උපායමාර්ගයේ චීනය එල්බ සිටී. ජගත් ප්‍රජාව සමග එක්ව, ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. පොදු ඉරණම සහිත මානව ප්‍රජාව ගොඩ නැංවීම පොදුවේ ඉදිරියටත් මෙහෙයවීමට ද චීනය කැමැත්තෙන් සිටින බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම