14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන්ගේ සහභාගිත්වයෙන්
2023-03-05 09:38:00
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේ දී ආරම්භ වේ.

ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙන්ම රජයේ නායකයෝ සහ 3000කට ආසන්න නියෝජිතයෝ පිරිසක් අද (5) උදේ ඇරඹුණු සැසිවාරයේ සමාරම්භක උළෙලට එක් ව සිටිති. 

මෙවර සැසිවාරය තුළදී, චීනයේ නව නායක මණ්ඩලය තෝරා පත්කිරීම, රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම හා 2023 වසරේ ආර්ථික, සමාජ හා සංවර්ධන ඉලක්ක මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති  ක්‍රියාමාර්ග නියම කිරීම සිදුකෙරේ. දැනට නිකුත් කෙරුණු න්‍යාය පත්‍රයට අනුව, නීති සම්පාදනය පිළිබඳ නීති කෙටුම්පත සහ රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පරීක්ෂා කිරීමට ද නියමිත ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම