බහුපාර්ශ්වික ලොවක් ගොඩ නැගීම වෙනුවෙන් චීනයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව බෙලරුසියා ජනාධිපතිවරයා පවසයි
2023-03-04 19:00:47
Share with:

         

බෙලරුසියාව සැමවිටම චීනයේ අවංක මිතුරෙකු වීමට කැමති බව බෙලරුසියානු ජනාධිපති Alexander Lukashenko මහතා පවසයි. පසුගිය දා හෙතෙම චීනයේ සංචාරය කළ කාලයේ චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එසේ පවසා ඇත. බටහිර රටවල් පැනවූ සම්බාධක හේතුවෙන් සිය රට හා ජනතාව විඳි දුෂ්කරතා හමුවේ චීනය ලබා දුන් සහාය සිහි කරමින් Alexander Lukashenko ජනාධිපතිවරයා කියා සිටියේ එම දුෂ්කර කාලයේ බෙලරුසියාවේ සැබෑ මිතුරන් හා සතුරන් හඳුනා ගැනීමට හැකි වූ බවයි. චීන ඉතිහාසය මැනවින් හදාරා ඇති Alexander Lukashenko මහතා චීන ශිෂ්ටාචාරය හා සංස්කෘතිය ඉහළින් අගය කරයි. සිය බාල පුත්‍රයා චීනයේ විශ්විවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින බව සඳහන් කරමින් හෙතෙම පැවසුවේ දෙර‍ටේ මිත්‍රත්වය හා අවබෝධය ගැඹුරු කිරීමට දෙරටේ තරුණ පරපුර අතර පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.

 චීනයෙන් ඉගෙන ගත හැකි බොහෝ දේවල් ඇති බවත්, චීනය සෙසු රටවල් සමග තම අත්දැකීම් බෙදා ගැනීම ප්‍රශංසනීය බවත්,  බෙලරුසියානු ජනාධිපතිවරයා කියා සිටී. ‍ලෝකය වෙනස් වෙමින් පවතී. සෑම රටකට ම තමන්ගේ සංවර්ධන අවශ්‍යතා හා අපේක්ෂා තිබේ. එබැවින් සෑම රටක් ම එකිනෙකාගේ එම අවශ්‍යතා හා අපේක්ෂා සලකා බලමින් සංවාද හා සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳාගෙන පොදු ජයග්‍රහණ කරා ගමන් කළ යුතු බව බෙලරුසියානු ජනාධිපතිවරයා පෙන්වා දෙයි. බෙලරුසියාව ඇතුළු බොහෝ රටවල් චීනය කෙරේ දැඩි විශ්වාසයක් තබා සිටී. සමබර රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් අනුගමනය කරන චීනයට බහුපාර්ශ්වික ලොවක් ගොඩ නැගීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බවට Alexander Lukashenko ජනාධිපතිවරයා සිය විශ්වාස පළ කර තිබේ.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම