පොළී අනුපාත ඉහළට
2023-03-04 18:57:57
Share with:

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් ඉහළ දැමීමට තීරණය කරයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.50 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16.50 දක්වාත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර සැප්තැම්බර් මාසයේ ඇති කරගත් එකඟතාව මත ලකුණු 100 කින් ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාවකට පැමිණි බවත් ඉන් වෙළඳපොළ පොලී අනුපාත වැඩි වීමක් සිදු වෙතැයි අපේක්ෂා නොකරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම